කොරෝනා වෛරසය හේතුවෙන් වසා තැබුණු පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය අප පාසලේ සිසුන් සදහා ඔක්තෝබර් මාසයේ 28 වන දින අප පාසලේදී සිදුවිය.
2001.10.22 දින සිට 2005.10.21 දින දක්වා කාල සීමාව තුළ උපත ලැබූ සිසුන් සදහා (2020 අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටි, 2021 අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටින සහ 2021 වර්ෂයේ 12 ශ්‍රේණියේ අදාල වයස් කාණ්ඩයේ සිටින සිසුන් සදහා) මෙම එන්නත්කරණ වැඩසටහන පැවැත්විය.