විදුහල්පති පණිවිඩය
සූරියවැව ජාතික පාසල

මෙම වෙබ් පිටුවට පිවිසීමෙන් 1967.09.04 දින ආරම්භ වූ මෙම විද්‍යාලයේ ක්රමික විකාශනය පිලිබද බොහෝ තොරතුරු දැනගත හැකිවනු ඇත.
එසේම භෞතික සම්පත්වල දියුණුව, මානව සම්පත් හා අධ්‍යාපනික දියුණුව කෙසේ සිදුවී ඇත්දැයි මෙහි ඉදිරියේදී සටහන් වනු ඇති බව සදහන් කරමි.ප්‍රදේශයේ සමාජ ආර්ථික වටපිටාව අනුව ජාතික පාසලක් ලෙස වෙනත් ජනප්රියයැයි සම්මත පාසල් වලට වඩා සංවර්ධනයක් මෙම විදුහල තුල සිදුවී තිබේ.විශේෂයෙන් ආදි ශිෂ්‍ය සමූහයට නැවත විද්‍යාලය හා සම්බන්ධ විය හැකි මහඟු අවස්ථාවක් මේ තුලින් විවර කිරීමට මෙය අවස්ථාවකි.මේ කාර්යය සදහා උරදෙන තොරතුරු තාක්ෂණ ගුරු භවතුන් හා මීට සම්බන්ධ වූ දූදරුවන්ට මාගේ ගෞරවනීය ස්තූතිය පුදකරමි.
විදුහල්පති,
සූරියවැව ජාතික පාසල