
- ආරම්භය- 1967 වසරේ සැප්තැම්බර් මස 04 වන දින සූරියවැව ජනපද විද්‍යාලය නමින් අප පාසල ආරම්භ වී ඇත.
- ආරම්භක සිසුන් ගණන- පාසල ආරම්භ කිරීමේදී ළමුන් 50 ක් පමණ සංඛ්‍යාවක් සිට ඇත. මුල්ම සිසුන් 4 දෙනා එකම පවුලේ සාමාජිකයන් ය.
-
ආරම්භක විදුහල්පති- ජිනදාස කුමානායක මහතා අප පාසලේ ආරම්භක විදුහල්පතිවරයා ය.මෙතුමා ආරම්භක කාලයේ මුල්ම ගුරුතුමිය ලෙස සේවය කර ඇත්තේ W.G.සුමනාවතී මහත්මිය.
- පාසල ඉදිකිරීමට මුල් වුයේ- ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයයි (වර්ථමානයේ මහවැලි අධිකාරිය).
- පාසලේ මුල් කාලයේ තිබුණු ඉඩමේ ප්‍රමාණය- අක්කර 18 1/2 කි.
- අතීතයේ ගොඩනැගිලි - පළමු ගොඩනැගිල්ල ටකරන් සෙවිලි කළ එකකි. එය එවකට ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ වඩු මඩුවක් ලෙස භාවිත කළ එකකි. එය තවමත් විද්‍යාලයේ පවතියි. ( වර්ථමානයේ ගොඩනැගිලි 30 පවතී )
-
1980 මුල් කාලයේදී සූරියවැව කනිෂ්ඨ විද්‍යාලය ලෙසද
1983 පමණ වන විට මහා විද්‍යාලය ලෙසද වර්ධනය විය
1994 වසරේදී අප පාසල ජාතික පාසලක් බවට පත් විය. -
1995 පමණ වන විට ලංකාවේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සිටි පාසල බවට අප පාසල පත් විය.සිසුන් 7000 සංඛ්‍යාව ඉක්මවා ඇත.
- වැඩි වන සිසුන් සංඛ්‍යාවට සරිලන ගොඩනැගිලි පහසුකම් නොමැති වීම නිසා අතීතයේ අප පාසල දෙවරු පාසලක් ලෙසද ක්‍රියාත්මක විය.
- 1994 අගභාගය වන විට තෙමහල් ගොඩනැගිලි 2 ක් සමග 80'*20' ගොඩනැගිලි 2 ක් ලැබීමත් සමග 1988 අප පාසල තනිවරුවට පවත්වන පාසලක් බවට පත්විය.
- වර්තමානයේ අප පාසලේ ගුරු භවතුන් 140 ක ප්‍රමාණයක් සිටි.අතීතය සමග සසඳා බලන විට අද වන විට අප පාසලේ ඉගැනුම් ඉගෙන්වීම් ක්‍රමය විශාල වශයෙන් දියුණුවකට පත්ව ඇත.

|
ආරම්භ කළ දිනය |
1967 වසරේ සැප්තැම්බර් මස 04 වන දින |
|
පාසලේ මුල් විදුහල්පති |
ගරු ජිනදාස කුමානායක මහතා |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
04 |
|
මුල් ගුරුතුමාගේ නම |
ගරු ජිනදාස කුමානායක මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ මුල්ම නම |
සූරියවැව ජනපද විද්‍යාලය |