- සෑම පාසල් දිනකම පෙ.ව. 7.15 පෙර පාසලට පැමිණෙන්න.
- ප්‍රධාන දොරටුවෙන් පමණක් පාසලට ඇතුල් වන්න.
- අනුමත නිළ ඇඳුමෙන් සැරසී පැමිණෙන්න, විලාසිතාවලින් වලකින්න.
- හිසකෙස්, රැවුල, නියපොතු, ඇහිබැම විලාසිතාවලින් තොරවිය යුතුය.
- ජංගම දුරකථන පාසලට රැගෙන ඒම සපුරා තහනම්.
- පරිසරය අපවිත්‍ර කරන ප්ලාස්ටික්, පොලිතීන්, ලන්ච්ෂීට් පාසලට රැගෙන ඒමෙන් වලකින්න.
- දිවා ආහාරය රැගෙන ඒම සඳහා කුඩා පෙට්ටියක් පමණක් භාවිත කරන්න.
- මත්ද්‍රව්‍ය සපුරා තහනම්.
- පිරිසිදු කිරීම් කටයුතු වලට සහාය දක්වන්න.
- කසළ ඇත්නම් වර්ගීකරණය කොට අදාල කසල බදුන් වලට පමණක් දමන්න.
- පාසල් සීනු නාදයට අවනත වන්න.
- මාධ්‍ය ඒකකයේ නිවේදන වලට ඇහුම්කන් දෙන්න. උපදෙස් පිළිපදින්න.
- උදෑසන රැස්වීම හා ආගමික කටයුතු හා ශරීර සුවතා වැඩසටහනට සක්‍රීයව සහභාගී වන්න.
- නිසි අවසරයෙන් තොරව පන්ති කාමරයෙන් හා පාසල් පරිශ්‍රයෙන් බැහැරට නොයන්න.
- පාසල් ගීය, ජාතික ගීය, පරිසර ගීතය, සංවත්සර ගීතයට නිසි ගෞරවය ලබා දෙන්න.
- පාසල් පරිශ්‍රය තුළ හිස්වැසුම් පළඳා සිටීම සපුරා තහනම්.
- වෙනත් පන්ති කාමර වලට අනවසරයෙන් ඇතුළුවීම, එබිකම් කිරීම, බලපෑම් කිරීම තහනම්.
- මහා විද්‍යාලයේ සිසුන් ප්‍රාථමික අංශයට යෑම, නිකරුනේ ඔබමොබ හැසිරීම තහනම්.
- මහා විද්‍යාලයේ සිසුන් පාසලට ඇතුළු වීම හා පිටවීම සඳහා ප්‍රධාන ගේට්ටුව පමණක් භාවිතා කරන්න. ප්‍රාථමික අංශයේ ගේට්ටුව ඒ සඳහා භාවිත නොකරන්න.
- වැසිකිළි කැසිකිළි බාවිතයේදී අදාල ආචාරධර්ම පිළිපදින්න.
- ශිෂ්‍ය නායක නායිකාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න.
- ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනත් අය සමග සහෝදරත්වය ඉක්මවා ගිය විශේෂ සබඳතා පැවැත්වීම තහනම්.
- පාසල තුළ සියලුම පොදු දේපල ඔබ සඳහාම ය. ඒවා සියල්ල ආරක්ෂා කරගන්න. ඊට හානි නොකරන්න.
- ආපනශාලා නීති රීති හා ආචාර ධර්ම සුරකින්න.
- විෂය ඉගෙනුම් කටයුතු වලදී උදාසීන නොවන්න. අවම වශයෙන් එක් විෂය සමගාමී කණ්ඩායමකවත් ක්‍රියාකාරී සාමාජිකයෙකු වන්න.
- ජලය, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න. මෙම සම්පත් සීමිත බව සිතන්න.
- නොමිලේ දෙන පොත් පත් ඵලදායි ලෙස පරිහරණය කරන්න.
- පාසල් පරිශ්‍රයේ ඇති විසිතුරු පැල ජලනල පද්ධති ආරක්ෂා කරන්න.
- බිත්ති හා තාප්ප අපවිත්‍ර නොකරන්න.
- විවේකය ඵලදායි ලෙස ගත කරන්න පුරුදු වන්න.
- මෙම පාසැලින් බිහිවන සුවිශේෂී මිනිසා ඔබ වන්න.
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති