නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සූරියවැව ජාතික පාසල

හ/ සූරියවැව ජාතික පාසල පදනම් කරගත් වෙබ් පිටුවක් විවෘත කිරීමට කටයුතු කිරීම පිළිබද මාගේ හෘදයාංගම සතුට ප්‍රකාශ කරමි.
මෙම විදුහලේ කීර්තිමත් වර්තමානය හා බැදුණු දුක් විදි අතීතය මේ තුලින් අනාගත පරපුරට හෙළිවන්නේ නම් එය අගය කරමි. රටට වටිනා උගත් බුද්දිමත් පුරවැසි පරපුරක් දක්ෂිණ ලංකාවෙන් දායාද කිරීමේදී මෙම පාසල දැක්වූ දායකත්වය අතිමහත්ය. අනාගත දූ පුතුන්ට මෙම වෙබ් පිටුව මහඟු පිටිවහලක් වනු නොවනුමානය. විශේෂයෙන්ම විදුහලේ ආදි විදුහල්පතිවරු ගුරුභවතුන්, ආදි දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය ප්‍රජාව පාසලට සම්බන්ධ කරගන්නටත් සුභපතන්නන් සහ පරිත්‍යාගශීලීන් සම්බන්ධකර ගන්නට මෙම ක්‍රියාව දායක වනු ඇත.
නියෝජ්‍ය විදුහල්පති,
සූරියවැව ජාතික පාසල