ඥානා ලෝකය විහිදා කිත්සිලු නැංවූ අභිමානේ
සාදරයෙන් නමදිමු සූරියවැව මැදි විදුහල් මෑනී
උදාර වූ විරු පඬි උතුමන් දිනු ක්ෂේමභූමි රුහුණයි
නවෝදයක නව රන් අළු විහිදන ඔබ එහි මිණිපහනයි//
රෝහණයේ ජය සංකේතය වූ අප ශ්රීවිභූතියේ
සූරියවැව මැදිවිදු මෑණී ඔබ අප අනුප්රාණය වේ//
ඥාන වීර ගුණ පූරිත දරුවන් ඔබගෙන් බිහිවේ වා
ශ්රී ලංකා ශ්රී නාමය දියතේ නංවා සැරදේවා///