
1967 වසරේ සැප්තැම්බර් මාසයේ 04 වන දින අප පාසල ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ (වර්ථමානයේ මහවැලි අධිකාරියේ) මූලිකත්වයෙන් නිර්මාණය විය. එයට ප්රමුඛ වශයෙන් දායකත්වයක් දැක්වුයේ ඉහත රූපයේ සිටින අප පාසලේ පළමු විදුහල්පතිවරයා වන ගරු ජිනදාස කුම්නායක මහතා ය.
එවකට පාසලේ පිහිටියේ ටකරන් සෙවිලි කළ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ වඩු මඩුවක් ලෙස භාවිත කළ ගොඩනැගිල්ලකි. පසුව වැඩිවන සිසුන් ප්‍රමාණයට සරිලන ලෙස ගොඩනැගිලි අප පාසල තුල ඉදිකළේය. එතැන් සිට අප පාසල භෞතික සම්පත් විවිධ ආදී ශිෂ්‍යන්ගේ ධන පරිත්‍යාග හා අනුග්‍රහය මත බිහි විය.